රජයට බිලියන 16ක් පාඩු වූ ගෝඨාභය රජය සමයේ සිදු වූ සිනී බදු වංචාවේ පරික්ෂණ අල්ලස් කොමිසමට

Commission to Investigate Bribery or Corruption Iri News

සීනි බදු අඩු කිරීම නිසා රුපියල් බිලියන 16.76ක බදු මුදලක් රජයට අහිමි වී ඇතැයි මුදල් හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර පාර්ලිමේන්තුවේදී ඊයේ (පෙබ. 3) පැවසීය.

මෙම බදු වංචාව සම්බන්ධ තොරතුරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට හා විගණකාධිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳව පරීක්ෂණ සිදු කෙරෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

ඊට පිළිතුරු ලබා දුන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවේ, මෙම ලිපි ගොනුව නීතිපතිගේ උපදෙස් අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට යොමු කර ඇති බව ත් එමඟින් පරීක්ෂණ සිදු කෙරෙන බව ත් ය.

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.

මන්ත්‍රිවරයා විමසුවේ, සීනි බදු වංචාවට අදාළව ෆයිල් තිබෙන්නේ කුමන කැබ් රථයේ ද එම ෆයිල් වසා තිබෙනවා ද සීනි බදු අඩු කිරීම නිසා අහිමි වී ඇති ආදායම කොපමණ ද යන්නය.

මන්ත්‍රි චමින්ද විජේසිරි පැවසුවේ, “සීනි බදු වංචාව සිදු වුණේ ඒ කාලෙදිනේ ඔබතුමන්ලා බලයට එන්නත් සීනි බදු වංචාව උපයෝගි කරගත්තනේ. දැන් මොකද ඒකට වෙලා තියෙන්නේ. දැන් ආණ්ඩුව බලයට පත්වුණාට පස්සේ සීනි බදු වංචාවේ ෆයිල් එක වසන්ත සමරසිංහ ඇමැතිතුමාගේ කැබ් එකේ නැද්ද? දැන් ඒ ෆයිල් එක වහලද? දැන් මොකද වෙලා තිය‌ෙන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියලා තියෙනවා සාක්ෂි නැහැ කියලා. එතකොට විගණකාධිපති දෙපාර්තමේන්තුවත් කියලා තියෙනවා වෝහාරික පරීක්ෂණයක් සිදු කරන්න අමාරුයි කියලා එතකොට කොහොමද පරීක්ෂණ සිදු වෙන්නේ” යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *