මේවා අනවශ්‍ය වැඩ. දැන් කවුද ඉරාන නාවික සෙබළුන්ගේ මෘත දේහ ලංකාව තුළ තියාගන්න යන වියදම දරන්නේ – සුජීව සේනසිංහ

මූදු බත් වූ ඉරාන නාවික යාත්‍රාවේ සිට ජීවිතක්ෂයට පත් වූ අසූවකට ආසන්න පිරිසකගේ මෘත දේශ ශ්‍රී ලංකා රජය සිය භාරයට ගෙන ශීතාගාර මත තැන්පත් කර තිබෙන අතර, එම නෞකාවේ සිට දිවි ගලවා ගත් පිරිසත්, දෙවන ඉරාන නාවික යාත්‍රාවේ සිටි දෙසීය අට දෙනෙකුට ආසන්න පිරිසත් රජය සිය භාරයට පවරාගෙන තිබේ.

මේ සම්බන්ධයෙන්, ඊයේ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දැක් වූ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසා සිටියේ, මෘත දේහ ශීතාගාර තුළ තැන්පත් කර ආරක්ෂා කිරීමත් දිවි බේරා ගත් ඉරාන නාවික සෙබළුන් නඩත්තු කිරීමත් ලංකාවට දැරිය නොහැකි බරක් බවයි.

රටේ ජනතාව අමාරුවෙන් ජීවත් වන තත්ත්වයක් තුළ මෙවැනි අනවශ්‍ය වියදම් දැරීම නොකළ යුතු බව පවසන මන්ත්‍රීවරයා, මෙවැනි තැනකට ප්‍රශ්නය ඇදී ගියේ ජනපති අනුර කු-මාර දිසානායක මහතාගේ දුර්වල පරිපාලන හැකියාව නිසා බවටද චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් දක්වා තිබේ. ඔහු පවසන්නේ, රජය සිය භාරයට ගනු ලැබූ ඉරාන නාවික සෙබළුන්ගේ මෘත දේහ ශීතාගාරතුල තැන්පත් කර ඒවා ආරක්ෂා කිරීමත්, සිය භාරයට ගනු ලැබූ නෞකා දෙකේ සියළු ඉරාන නාවික සෙබළුන් රැක බලා ගැනීමත් මනුෂ්‍යත්වයේ නාමයෙන් රජය විසින් කරනු ලබන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *