හිටපු බුද්ධි ප්‍රධානියා පාස්කු ප්‍රහාරය සම්බන්ධව පූර්ණ දැනුවත්භාවයක් තිබූ බවට ප්‍රබල සාක්ෂි ලැබීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව ඇති බව මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා පැවසුවේය.
මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා ඊයේ (08) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කීවේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වසරකට ආසන්න කාලයක් සිදු කළ පරීක්ෂණවලට අනතුරුව ඒ මහතා අත්අඩංගුවට පත් වූ බවත් එම විමර්ශන කටයුතු විනිවිදභාවයෙන් හා සාධාරණව සිදුවෙමින් පවතින බවත් හෙතෙම කීවේය. දැනට සිදු කළ විමර්ශන අනුව හිටපු බුද්ධි ප්‍රධානියා පාස්කු ප්‍රහාරය සම්බන්ධව පූර්ණ දැනුවත්භාවයක් තිබූ බවට සාක්ෂි ලැබී ඇති බවත්, ඒ අනුව ඔහු වැරදිකරුවෙක් ද නැද්ද යන්න අධිකරණ ක්‍රියාමාර්ග හරහා තීරණය වනු ඇති බවත් ඇමැතිවරයා කීවේය.
විපක්ෂයේ කණ්ඩායම් විවිධ ප්‍රකාශ සිදු කළද විමර්ශන සඳහා අවශ්‍ය පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හා රඳවා ගැනීමට පොලීසියට හැකියාව පවතින බවත්, මෙහිදී ද සිදුව ඇත්තේ එවැනි කටයුත්තක් බවත් ඒ මහතා වැඩිදුරටත් කීවේය.