පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් සිදු කළ විමර්ශනයක් අනුව හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ඒ අනුව, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ දියත් වෙමින් පවතින බවත්, විවිධ පුද්ගලයන් සිදු කරනු ලබන ප්‍රකාශයන් අනුව අත්අඩංගුවට ගැනීම් සිදු වනු ඇති බවත් අද (25) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
ලැබෙන තොරතුරු අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි කටයුතු සිදු කරනු ඇති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් සඳහන් කර සිටියා.