සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම හරහා සිදු කරන්නේ දෙමළ ඩයස්පෝරාව සතුටු කරවීමයි – විමල් වීරවංශ

විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම හරහා සිදු කරන්නේ දෙමළ ඩයස්පෝරාව සතුටු කරවීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

ඒ අනුව, වත්මන් ආණ්ඩුව බලයට පත්වීමේදී දෙමළ ඩයස්පෝරාව සමඟ එකඟතාවකට පැමිණ තිබුණු බවත්, එම එකඟතා අනුව මේ වන විට ආණ්ඩුව කටයුතු කරමින් ඇති බවයි රැස්වීමක් අමතමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ.

සුරේෂ් සලේගේ අවසන් කාලයේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් යමෙකුට විවාදයක් තිබිය හැකි වුවද, ඔහු රට වෙනුවෙන් ඔහුගේ භූමිකාව නිවැරදිව ඉටු කර ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ වැඩිදුරටත් සඳහන් කර සිටියේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *