සලෙයි සම්බන්ධයි නම්, මේකට සලෙයිටත් වඩා උඩින් තව කෙනෙක් ඉන්නවා – රාජිත සේනාරත්න

සලෙයි කියන පුද්ගලයා මෙම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ බවට ඔප්පු කළ හැකි නම්, මෙය සිදුව ඇත්තේ ඔහුගේ අවශ්‍යතාවයට නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා.

මේ පිටුපස කවුරුන් හෝ බලවේගයක් ඇති බවට තමාගේ ද සැකයක් තිබුණු බවත්, මෙය සහරාන් විසින් තනිවම සිදු කළ දෙයක් නොවන බවත් අද (26) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

මෙහි පළවෙනි ඝාතනය සිදු වන්නේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මඩකලපුවේදී මරා දැමීමෙන් බවත්, එය LTTEය මත පැටවීමට උත්සාහ කළ බවත්, එය සහරාන්ගේ කණ්ඩායම සිදුකළ බවට පසුව හෙළි වූ බවත්, LTTEය එය කළ බවට යන මතය එතරම් ඉක්මනට ලබා දුන්නේ කවුරුන්ද යන්න ගැන ගැටලුවක් මතු වන බවත් ඔහු පවසා සිටියා.

කුමක් හෝ සිදු කිරීමේ අවශ්‍යතාවයෙන් සලෙයිව අත්අඩංගුවට ගෙන තේරුමක් නොමැති බවත්, නිවැරදි පරීක්ෂණයක් සිදු කර සැබෑවටම එලෙස අදිසි බලවේගයක් තිබුණ ද නැද්ද යන්න ප්‍රකාශ කිරීම රජයේ යුතුකමක් වන බවත්, සලෙයි මේ පිටුපස සිටිනවා නම්, සලෙයිටත් වඩා උඩින් තව කෙනෙක් සිටින බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *