සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුද්ගලයින් 102 ක ප්‍රකාශ විමර්ශනය කිරීමෙන් පසුව බව හෙළි වෙයි

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවූ සැණින් “රාජ්‍ය බුද්ධි ප්‍රධානී” තනතුරට පත්කරන ලද මේජර් ජනරාල් සුරේෂ් සලේ ඊයේ සී. අයි. ඩී. යේ අත්අඩංගුවට පත්ව තිබේ. ඒ 2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා එල්ලවූ ම්ලේච්ඡ ප්‍රහාරයට වගකිව යුත්තෙකු සැකකරමිනි.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ හිටපු ලේකම්වරයකුවූ “අසාද් මවුලානා” ස්විට්සර්ලන්තයේ සිට චැනල් 04 නාලිකාවට කළ ප්‍රකාශ සැළකිල්ලට ගෙන යැයි ඇතැම් රූපවාහිනී නාලිකා සහ සමාජ මාධ්‍ය කරන ලද ප්‍රකාශ මුළුමණින්ම සත්‍යයෙන් තොර බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවස යි.

වත්මන් රාජ්‍ය බුද්ධි සේවයේ සාමාජියන් , යුද හමුදා බුද්ධි සාමාජිකයන් , යුද හමුදාවවට බුද්ධි තොරතුරු සපයන සිවිල් ඔත්තුකරුවන් ඇතුළු පුද්ගලයින් 102 දෙනකුගේ ප්‍රකශ වසරකට වැඩි කාලයක් විමර්ශනයට ලක්කිරීමෙන් අනතුරුව ඉහත අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. ඉහත බුද්ධි තොරතුරුවලට අනුව දුරකථන විශ්ලේෂණ වාර්තා ද තවදුරටත් තහවුරු කරගෙන තිබේ.

විදේශ රටක සිට යමි පුද්ගලයකු මාධ්‍යයට කරන ලද ප්‍රකාශයක් පදනම් කර ගනිමින් මෙවැනි අත්අඩංගුවට ගැනීම් සිදුකළ නොහැකි බවත් , සමාජ මාධ්‍ය හෝ රූපවාහිනී නාලිකාවලට කරන ප්‍රකාශ යම් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට කිසිසේත් ප්‍රමාණවත් නොවන බවද එම ආරංචි මාර්ග තහවුරු කරයි.

මාධ්‍යවේදී පෝද්දල ජයන්ත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *