ත්‍ර්‍ර්‍ර්‍රීමාවිතාන ඝාතන චෝදනාව එල්ල වූ පුංචිනිලමේ සජිත්ගේ වේදිකාවට නගියි

පසුගිය 14 වෙනිදා රතනපුර ලොරිරථ ගාලේ පැවති සජබ රැස්වීමට පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකු වූ සුසන්ත පුංචිනිලමේ එක්ව තිබෙනවා. මාධ්‍ය වාර්තා කරන ආකාරයට එම රැස්වීමට සජබ නායක ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසද එක්ව තිබෙනවා.

පොදු පෙරමුණු පාලනයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ සුසන්ත පුංචිනිලමේ ඊට පෙර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ අයෙක්.

සුසන්ත පුංචිනිලමේ යනු රත්නපුර බස්නැවතුම් පොල අසල දී 1988 ඔක්තෝම්බර් 22 වෙනිදා පැහැර ගනු ලැබ වද බන්ධනයට ලක්කර ඝාතනය කෙරූ වෛද්‍ය ශිෂ්‍යයෙකු වූ පද්මසිරි ත්‍රිමාවිතාන ඝාතනය පිළිබඳව චෝදනා එල්ලවූ අයෙක්. පද්මසිරි ත්‍රිමාවිතාන වෛද්‍ය ශිෂ්‍යත් සමඟ පැහැරගත් රංජිත් පෙරේරා සහ ඩී.ඩී. බන්දුවර්ධන යන දෙදෙනාම ඔවුන් විසින් ඝාතනය කළ බවටයි චෝදනා එල්ල වුණේ.

14 වෙනිදා සජබ රැලියට එක්වූ සුසන්ත පුංචිනිලමේ වෙත එල්ල වූ විරෝධය හේතුවෙන් ඔහු වේදිකාවෙන් ඉවත් කර තිබුණු අතර අනතුරුව යලිත් වේදිකාවට ගොඩවී රැස්ව සිටි පිරිසට ආචාර කර වේදිකාවෙන් ඉවත්ව තිබෙනවා. ඉන් පසුව සජිත් ප්‍රේමදාස මහතා එනතුරු පොහොට්ටුවේ මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ රැස්වීම් භුමියේ සිටි එජාප පාක්ෂිකයන් සමඟ රැදී සිටි බවයි කියන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *