සුවසැරිය තවත් ශක්තිමත් කරයි – ගිලන් රථ 150ක් ගන්න කැබිනට් පත්‍රිකාවක්


1990 ඇමතුම් අංකය ඔස්සේ ක්‍රියාත්මක සුව සැරිය ගිලන් රථ සේවාව සදහා නව ගිලන් රථ 150ක් ලබාගැනීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

රාජගිරියේ පිහිටි සුවසැරිය ගිලන් රථ සේවා මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙම ගිලන් රථ සේවාව නව සැළැස්මක් යටතේ ඉදිරියට ක්‍රියාත්මක කරන බවයි.

එම සේවාවේ පවතින ගැටලුවලට කඩිනම් විසදුම් ලබාදෙමින් කාර්යක්ෂම සේවාවක් ලෙස ඉදිරියට පවත්වාගෙන යාම එහි අරමුණ බවද අමාත්‍යවරයා සදහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *