අයිස් මිශ්‍ර ජලය බිව් තංගල්ලේ සුන­ඛ­යන් පස් දෙනා­ගෙන් දෙදෙ­නෙක් මිය යයි

තංගල්ල ධීවර වරායේ අසා­මාන්‍ය ලෙස හැසි­රුණු සුන­ඛ­යන් හතර දෙනෙ­කුට Òතංගල්ල ඇනි­මල් හොස්පි­ටල්Ó ආය­ත­නය ප්‍රති­කාර ලබා දී තිබේ. ඉකුත්දා (14) රාත්‍රි මත්ද්‍රව්‍ය තොගය ගොඩ­බෑ­මෙන් පසු­දින (15) සිට සුන­ඛ­යන් පස් දෙනෙකු එක­තැන කැර­කෙ­මින් හිස් ලූලූ අත දිව­ය­මින් අසා­මාන්‍ය ලෙස හැසිරී තිබේ. නාවික හමු­දාව රැකව මුහු­දෙන් සොයා­ගත් අධික ලෙස දිය­බත් වූ මත්ද්‍රව්‍ය උර ගොඩ­බි­මට රැගෙන විත් ජැටිය මත තැබී­මෙන් පසු දියවී ඇති අයිස් මත්ද්‍රව්‍ය සමඟ මිශ්‍රව එක් රොක්වූ ජලය බීමෙන් සුන­ඛ­යන් එලෙස හැසි­රුණු බව ධීව­රයෝ පැව­සූහ.

තංගල්ල ධීවර වරායේ සුන­ඛ­යන් 15 – 20ක් පමණ දිවි ගෙවති. සුන­ඛ­යන්ට ප්‍රති­කාර ලබා දුන්නේ තංගල්ල කඳු­රු­පො­කුණ පාරේ පිහිටි Òතංගල්ල ඇනි­මල් හොස්පි­ටල්Ó නමැති පුද්ග­ලික ආය­ත­න­යක පශු වෛද්‍ය කණ්ඩා­ය­මක් විසිනි. එම ආය­ත­නයේ අධි­පති දික්වැල්ල ප්‍රාදේ­ශීය සභාවේ සභා­පති වෛද්‍ය රුවන් වික්‍ර­මා­රච්චි මහතා පැව­සුවේ සුන­ඛ­යන්ගේ අසා­මාන්‍ය හැසි­රී­මට හේතුව සොයා ගැනී­මට ප්‍රති­කාර කළ සුන­ඛ­යන්ගේ රුධිර සාම්පල ලබා­ගත් බවයි. ඒවා පරීක්ෂා කිරී­මෙන් පසු සුන­ඛ­යන් එලෙස හැසි­රීමේ සැබෑ හේතුව සොයා­ගත හැකි බව ද වෛද්‍ය වික්‍ර­මා­රච්චි මහතා පැව­සීය.

අසා­මාන්‍ය ලෙස හැසි­රුණු සුන­ඛ­යන් පස් දෙනා­ගෙන් දෙදෙ­නෙකු මේ වන­විට ජීවි­ත­ක්ෂ­යට පත්ව තිබේ.

Òතංගල්ල ඇනි­මල් හොස්පි­ටල්Ó ආය­ත­නයේ ධනුෂ්ක සහ තිලිණි යන පශූ වෛද්‍ය­ව­රුන් ඇතුළු කණ්ඩා­ය­මක් සුන­ඛ­යන්ට ප්‍රති­කාර ලබාදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *