ජලාශවල වතුර මීට කලින් අයින් කරානම් මෙහෙම විනාශයක් වෙන්නේ නෑ – කබීර් හෂීම්

ජලාශවල ජලය මීට පෙර ක්‍රමානුකූලව ඉවත් කළේ නම් මෙතරම් ජීවිත විනාශයක් සිදු නොවන බව සමග ජන බලවේගයේ කෑගලු දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂිම් මහතා  පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව නොවැම්බර් 12 වෙනකොට මෙවැනි තත්ත්වයක් ඇතිවන බව දැනුම් දී තිබූ බවද ඔහු සඳහන් කළේය.

කබීර් හෂිම්  මහතා මෙසේද පැවසීය.

එකවර ගේට්ටු ටික ඇරියම මොකද වෙන්නේ. අන්තිම මොහොත වෙනකන් වතුර ටික යැව්වේ නෑ. එක පාරටම ගේට්ටු ඇරියා. ගම්පොළ නගරයේ දාහක් විතර මැරිලා ඇති.  වතුර ටික ටිකෙන් ටික ඇරිය නම් සියයට 75ක් ජීවිත බේරගන්න තිබුණා. දදුරු ඔය වාන් ගේට්ටු ඔක්කොම එක සැරේ ඇරියා. අපරාදේ  ජීවිත. ආණ්ඩුව මේක හරියට කළමනාකරණය කළේ නැහැ. වරද්ද ගත්ත නම් දැන්වත් ඒක හරියට කරමු. අපෙත් අත්දැකීම් තියෙනවා මේ ගැන අපිට කතා කරන්න තිබුනා. රජය නිසි වෙලාවට පියවර ගත්තේ නැහැ.ලැජ්ජ වෙන්න එපා. වැරදුණා නම් අපි ඒක හදාගමු.

මූළාශ්‍රය – ලංකාදී​ප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *