හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
ඔහු පසුගිය 24 වනදා මෙම ලිපිය යොමු කර ඇත.
එම ලිපිය මගින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අමෙරිකානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ, ශ්‍රී ලංකාවෙන් අමෙරිකාව වෙත ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා දැනට පවතින තීරුබදු මට්ටම වූ 20% ක ප්‍රතිශතය, 2026 වසරට පමණක් අදාළ වනසේ 12% දක්වා තාවකාලිකව අඩු කිරීම සම්බන්ධයෙන් කාරුණික අවධානය යොමු කරන ලෙසය.
එමෙන්ම ආපදා අවස්ථාවේදී අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට දැක්වූ සහයෝගය පිළිබඳව හිටපු අමාත්‍ය අලහප්පෙරුම මහතා සිය ලිපියෙන් කෘතඥතාවයද පළ කර තිබේ.
එම සම්පූර්ණ ලිපිය පහතින්,

