තීරූ බදු ගැන ජනපති අනුර ට්‍රම්ප්ට යැවූ ලිපිය පිළිගනියි

අමෙරිකාව පැනවූ තීරු බදු පිළිබඳව අමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය සමඟ තවත් සාකච්ඡාවක් අද (08) රාත්‍රියේ පැවැත්වෙන බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනටමත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලිපියක් යවා ඇති අතර, ඒ පිළිබඳව පිළිගැනීමක් ලැබී ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *