මෙරට සුපිරිම ධනවතුන් 100 දෙනාගෙන් අන්තිම සතේට ටැක්ස් ගන්න ආදයම් බදු එක දැල එලයි

ඉහළ වත්කම් ඇති පුද්ගලයින් 100 දෙනෙකු කෙරෙහි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යොමු වී ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.ඒ.සේපාලිකා චන්ද්‍රසේකර පවසයි. 

නිවේදනයක් නිකුත් කරමින් ඇය පැවසුවේ, එම සුපිරි ධනවතුන් 100 දෙනාගේ ආදායම්,වත්කම් හා වාර්තා ගොනු කිරි‍මේ ඉතිහාසය ගැඹුරින් සමාලෝචනය කරන බවයි.

ඒ සඳහා ඉහළ ධනවත් පුද්ගල අංශය නමින් විශේෂ කාණ්ඩයක්ද සකස් කර ඇති අතර එහි විමර්ශන කටයුතු සඳහා විශේෂඥයින් 10 කුගෙන් යුත් කණ්ඩායමක් ද අනියුක්ත කර තිබේ. 

නිවේදනයේ දැක්වෙන්නේ, ඔවුන් සම්බන්ධයෙන් ඉතා සමීපව අධ්‍යයනය කරන බවයි.

මේ යටතේ ඉහළ වත්කම් ඇති පුද්ගලයින්ගේ වාර්තා යාවත්කාලීන කිරීම ‍මෙන්ම දෝෂ හා අඩුපාඩු හඳුනාගැනීමටද සැලසුම් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

One thought on “මෙරට සුපිරිම ධනවතුන් 100 දෙනාගෙන් අන්තිම සතේට ටැක්ස් ගන්න ආදයම් බදු එක දැල එලයි

  1. Perhaps they should publish the names of the top ten tax payers every year.
    Then there will be competition to show the rest that they are first.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *