එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ අපනයන මත පනවා තිබුණු තීරු බද්ද 20% දක්වා අඩුකර ගැනීමට හැකි වූවේ ජනාධිපති අනුරගේ සන්සුන්, ප්‍රායෝගික නායකත්වය හේතුවෙන් බව හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසා තිබේ.
ඔහු මේ බව පවසා ඇත්තේ ඩේලි මිරර් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
කලාපයේ අනෙකුත් රටවල් තීරු බදු අනුපාත අඩුකර ගැනීම සදහා එක්සත් ජනපදයෙන් ගුවන් යානා ඇතුළුව දැවැන්ත මිලදී ගැනීම් සිදු කිරීමට එකඟ වී තිබුනද, ලංකාව, එවැනි කිසිදු පොරොන්දුවක් නොදී බදු අඩු කර ගැනීම හිටපු අමාත්‍යවරයාගේ පැසසුමට ලක්ව තිබේ.