ජූලි මාසයේ මෙරට තේ අපනයනය 13%කින් ඉහළට යයි

ජූලි මාසයේ දී තේ කිලෝ ග්‍රෑම් මිලියන 24 ක ප්‍රමාණයක් අපනයනය කර ඇති බව වාර්තා වේ. 

එය පසුගිය වසරේ ජූලි මාසයේ අපනයනය කරන ලද තේ කිලෝග්‍රෑම් මිලියන 21.3 හා සසදා බැලීමේ දී 13% ක ඉහළ යාමකි. 

ජූලි මාසයේ වාර්තා වන මෙම අගය, මාස 42 කට පසුව වාර්තා වූ ඉහළම අගයයි. 

ජනවාරි මාසයේ සිට ජූලි දක්වා තේ කිලෝ ග්‍රෑම් මිලියන 150 ක් අපනයනය කර තිබේ. 

පසුගිය වසරේ මුල් මාස හත තුළ අපනයනය කරන ලද තේ කිලෝ ග්‍රෑම් 140.4 ට සාපේක්ෂව එය 7% ක වර්ධනයකි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *