වැටුප් සංශෝ­ධන හරහා ගුරු හා විදු­හ­ල්පති වෘත්තීන් ඉහ­ළම වැටුප් තලය කරා ගොස් තිබෙනවා – ගුරු සේවා සංගමය කියයි

වැටුප් සංශෝ­ධන හරහා ගුරු සහ විදු­හ­ල්පති වෘත්තීන් රාජ්‍ය සේවයේ ඉහ­ළම වැටුප් තල කරා රැගෙන යෑමට පිය­වර ගෙන ඇති බව ගුරු සේවා සංග­මය පෙන්වා දෙයි.

මෙරට අධ්‍යා­පන ක්ෂේත්‍රයේ ප්‍රධාන නිය­මු­වන් වන ගුරු­ව­රුන්ගේ වැටුප් ඉහළ නැංවී­මෙන් ඔවුන්ගේ ආර්ථි­කය ශක්ති­මත් වනවා සේම, එම­ඟින් අධ්‍යා­පන ක්ෂේත්‍රයේ ඵල­දා­යී­තාව නිරා­යා­ස­යෙන්ම ඉහළ යන බව ගුරු­සේවා සංග­මයේ සභා­පති ධම්මික අල­හ­ප්පෙ­රුම මහතා පව­සයි.

සභා­ප­ති­ව­රයා මෙම අද­හස් පළ කළේ ඊයේ (21) පැවැති විශේෂ මාධ්‍ය හමු­ව­කට එක්වෙ­මිනි.

මෙම වැටුප් සංශෝ­ධ­නය යටතේ ගුරු සේවයේ විවිධ ශ්‍රේණි සඳහා 2026 ජන­වාරි මාසය වන විට සැල­කිය යුතු වැටුප් වර්ධ­න­යක් සිදු­කි­රී­මට නිය­මි­තය. ඒ අනුව, ගුරු සේවයේ පළමු පන්තියේ ගුරු­ව­ර­යකු මීට පෙර ලබා­ගත් වැටුප 2026 ජන­වාරි මාසය වන විට රුපි­යල් 88,332 දක්වා ඉහළ යන අතර, එය රුපි­යල් 31,562ක මූලික වැටුප් වැඩි­වී­මක් වන අතර මෙය සම­ස්ත­යක් ලෙස 155%ක වැටුප් වැඩි­වී­මක් බව ද ධම්මික අල­හ­ප්ප­රෙුම මහතා පෙන්වා දුන්නේය.

අනෙ­කුත් ශ්‍රේණි සඳහා සිදු වන වැටුප් වැඩි­වීම් පිළි­බ­ඳව ද එහිදී කරුණු අනා­ව­ර­ණය වූ අතර, I ශ්‍රේණියේ ගුරු­ව­ර­ය­කුගේ වැටුප රුපි­යල් 47,175 සිට 74,131 දක්වා (රුපි­යල් 26,706ක වැඩි වීමක්) ඉහළ යනු ඇත.

II ශ්‍රේණියේ ගුරු­ව­ර­ය­කුගේ වැටුප රුපි­යල් 39,175 සිට 61,559 දක්වා (රුපි­යල් 22,384ක වැඩි වීමක්) සංශෝ­ධ­නය වේ. III ශ්‍රේණියේ උපා­ධි­ධාරී ගුරු­ව­ර­ය­කුගේ ආර­ම්භක වැටුප රුපි­යල් 37,835 සිට 59,504 දක්වා රුපි­යල් 21,669කින් ඉහළ යනු ඇත. විද්‍යා­පීඨ ගුරු­ව­ර­ය­කුගේ ආර­ම්භක වැටුප රුපි­යල් 36,260 සිට 57,119 දක්වා රුපි­යල් 20,859කින් ඉහළ නැංවී­මට කට­යුතු යොදා ඇත.

මෙම වැටුප් සංශෝ­ධන හරහා ගුරු සහ විදු­හ­ල්පති වෘත්තීන් රාජ්‍ය සේවයේ ඉහ­ළම වැටුප් තල කරා රැගෙන යෑමට පිය­වර ගෙන ඇති බව ගුරු සේවා සංග­මය පෙන්වා දෙයි. දක්ෂ උපා­ධි­ධා­රීන් අධ්‍යා­පන ක්ෂේත්‍රය වෙත ආක­ර්ෂ­ණය කර­ග­නි­මින් රටට දියුණු අධ්‍යා­පන ක්‍රම­යක් සකස් කිරීම මෙහි මූලික අර­මු­ණයි.

ගුරු­ව­රයා ආර්ථික හා වෘත්තීය වශ­යෙන් බල­ගැ­න්වීම රටේ අනා­ග­තය සුර­ක්ෂිත කිරී­මට දායක වන බවත්, මේ සම්බ­න්ධ­යෙන් රජය සමඟ එක්ව කට­යුතු කිරී­මට තමන් සූදා­නම් බවත් ගුරු­සේවා සංග­මයේ සභා­පති ධම්මික අල­හ­ප්පෙ­රුම මහතා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *