පාඩම් අමතකයි කියා දෙවන වසරේ සිසුවෙකුට අමානුෂිකව පහර දුන් ගුරුවරිය අල්ලයි

වවුනියාවේ සුන්දරපුරම් විදුහලේ දෙවන වසරේ කුඩා ශිෂ්‍යයෙකුට අමානුෂික ලෙස පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ ගුරුවරියක් ඊයේ ( 7 )  වවුනියාව ඊච්චන්කුලම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

එම සිසුවාට කලින් දිනයේ කියා දුන් පාඩම් මතකයේ නොතිබූ බව කියමින් එම ගුරුවරිය සිසුවාට පහර දී තිබූ අතර එම පහර දීම නිසා සිසුවාගේ ඇස් වලට හිසට කම්මුලට තුවාල සිදුව ඇත.

දෙමව්පියන් මුලින්ම පාසලට ගොස් තම පුතාට පහර දුන් බව කියන ගුරුවරිය හමු වී තොරතුරු විමසද්දී එම ගුරුවරිය දෙමව්පියන්ටද බැන  වැදී තිබේ. 

පසුව ඔවුන් සිසුවා ප්‍රතිකාර සදහා වවුනියාව මහ රෝහලට අතුළත් කිරීමෙන් පසුව වවුනියාව රෝහල් පොලීසිය විසින් සිදු කළ මූලික පරීක්ෂණවලින් පසුව ඊච්චන්කුක්ලම පොලිසිය විසින් සැකකටයුතු ගුරුවරිය අත් අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට ගත් ගුරුවරිය වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ. 

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණවලට අමතරව මානව හිමිකම් කොමිෂන් සභාවද වවුනියාව කලාප අධ්‍යාපන කාර්යාලයද පරීක්ෂණ ආරම්භ කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *