ඉදිරි අවුරුදු තුනේ වෘත්තීය තාක්ෂණ විද්‍යාලවලට බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය තුන් ගුණයකින් වැඩි කරගැනීමට අපේක්ෂිත බවත්, එය සංඛ්‍යාත්මකව 26,000 සිට 75,000ක් දක්වා වර්ධනයක් බවත් වෘත්තීය නිපුණතා නියෝජ්‍ය ඇමැති නලින් හේවගේ මහතා පසුගියදා (04) සඳහන් කළේය. මේ වන විට වෘත්තීය තාක්ෂණ විද්‍යාලය සඳහා බඳවා ගැනෙන්නේ 26,000ක ප්‍රමාණයකි. එමෙන්ම එළැඹෙන වසරේ සිට වෘත්තීය තාක්ෂණ විද්‍යාලයෙන් පැවැත්වෙන කාල සීමාව අදියර දෙකක් දක්වා පුළුල් කිරීමට අපේක්‍ෂිත බවත්, එහි පළමු අදියර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලබන වසරේ ආරම්භ කිරීමට නියමිත බවත් නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කර සිටියේය.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ දකුණු පළාත් සංවර්ධන අධිකාරියෙන් බරවාහන යන්ත්‍ර උපකරණ පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කරන ලද ගාල්ල දිස්ත්‍රික් ප්‍රතිලාභීන් 69 දෙනකු සඳහා NVQ Level 03 සහතිකපත් ප්‍රදානය කිරීමේ වැඩසටහනට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. මේ වර්ෂයේ බරවාහන යන්ත්‍ර උපකරණ රියැදුරු පාඨමාලාවේ යටතේ දකුණු පළාතේ 190 දෙනකු NVQ Level 03 මට්ටම සම්පූර්ණ කර තිබේ.