පොලිස්පතිට සෘජුව ප්‍රශ්න,ගැටළු කියන්න වට්ස්ඇප් අංකයක් හදුන්වා දෙයි

ඍජුවම පොලිස්පති කාර්යාලය හා සම්බන්ධ වීමට හැකි නව වට්ස්ඇප් අංකයක් පොලීසිය විසින් මහජනතාවට හඳුන්වා දී තිබෙනවා.

මහජනතාවට මුහුණපෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලුකාරී අවස්ථා ක්ෂණිකව දැනුම්දීම සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් මෙම වට්ස්ඇප් අංක හඳුන්වා දුන්නා. ඒ අනුව 071 – 8598888 යන නව වට්ස්ඇප් අංකය අද (13) සිට ක්‍රියාත්මකයි.

මේ හරහා පොලිස්පතිවරයා වෙත ඍජුවම කෙටි පණිවුඩයක් ලබාදීම, වීඩියෝ දර්ශන සහ ඡායාරූප යොමු කිරීම සඳහා පමණක් භාවිත කළ හැකි අතර ඇමතුම් ලබාගැනීමට හැකියාවක් නොමැති බව පොලීසිය දැනුම් දෙනවා.

එමෙන්ම පොලිස් නිලධාරීන්ට ද මෙම අංකය ඔස්සේ තම ගැටලු හා තොරතුරු සම්බන්ධයෙන් දැනුම් දීමේ හැකියාව පවතිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *