කුරුණෑගල හිතූ හිතූ තැන්වල පන්සල් දහම් පාසල් බෑ – කුරුණෑගල දිස්ත්‍රික් සාසනාරක්ෂක බල මණ්ඩල තීරණය කරයි

පෞද්ගලික අවශ්‍යතා මත පන්සල් හා දහම් පාසල් ඉදිකිරිමට අවසර නොදිමට කුරුණෑගල දිස්ත්‍රික් සාසනාරක්ෂක බල මණ්ඩල රැස්වීමේදී  තීරණය කර ඇත.

කුරුණෑගල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩල  සභාපති තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි, ලේඛකාධිකාරී වඩුගෙදර සාරානන්ද  නා හිමි සහ දිස්ත්‍රික් ලේකම් චන්දන දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යාලීය රැස්වීම් ශාලාවේ දී පැවැති අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත.

වර්තමානයේ සමාජයේ යම් යම් ගැටුම් නිර්මාණය කිරීමට හේතුවන ආකාරයට අලුතෙන් විහාරස්ථානයක් හෝ අලුතෙන් දහම් පාසලක් ඉදි නොකිරීමට කිසිසේත්ම කටයුතු නොකළ යුතු බවට යෝජනා වූ අතර දිස්ත්‍රික් සාසනාරක්ෂක බල මණ්ඩලයේ කමිටු රැස්වීමට ඉදිරිපත් වූ යෝජනා අතර මෙම යෝජනාව ලේකම් සහ සභාපති ස්වාමීන් වහන්සේලා සමඟ දිස්ත්‍රික්කයේ සමායෝජක නිලධාරීන් ඒකමතිකව අනුමත කළහ .

අඑක් එක් දේශපාලකයන්  විහාරස්ථානවලට සහ සංඝයා වහන්සේලාට චෝදනා කරමින් විවේචනය කිරීම සම්බන්ධව ද අවධානයට ලක් කළ අතර , වර්තමාන රජයේ මැදිහත් වීමෙන් සමාජය තුළ බෞද්ධ ප්‍රබෝධයට තුඩු දෙන ආකාරයට යම් යම් තීරණය ගැනීම සඳහා යොමුවෙන්නැයි යන ලෙස ද ඉල්ලීම් කළ යුතු බවට ද මෙහි දී එකඟතාවයකට ආහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *