තාවකාලිකව පැවිද්ද සඳහා රාජ්‍ය නිලධාරීන් තායිලන්තය වෙත යොමු කිරීමට රජය තීරණය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් බුද්ධශාසන අමාත්‍යංශය සඳහන් කළේ මේ සඳහා කැමැත්තක් දක්වන නිලධාරීන්ට ඊට ඉල්ලුම් කළ හැකි බවයි.
සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව තෝරාගනු ලබන රාජ්‍ය නිලධාරීන් සඳහා වැයවන සියලුම වියදම් රජය විසින් දරන බව ද එම අමාත්‍යංශය සඳහන් කළා.
බෞද්ධ රාජ්‍යයක් ලෙස තායිලන්තය තාවකාලික පැවිද්ද ලබාදීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලනවා.
ඒ අනුව ලෝකයේ බොහෝ පිරිස් තායිලන්තය වෙත යොමු වන්නේ තාවකාලික පැවිද්ද ලබාගැනීම සඳහායි.
තායිලන්ත රජුගේ ජන්ම දිනය මුලික කරගනිමින් දෙරට අතර පවතින සංස්කෘතික සබඳතා තවත් වැඩි කරගැනීමේ අරමුණින් මෙලෙස රාජ්‍ය නිලධාරීන් තාවකාලික පැවිද්ද සඳහා යොමු කරන බවයි බුද්ධශාසන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.