ලෝක දැල් පන්දු පිටියේ ලංකා මාතාවගේ නාමය රැන්දු තර්ජනි ශිවලිංගම් විවාහ දිවියට

ශ්‍රී ලංකා ජාතික දැල් පන්දු කණ්ඩායමේ සිටි ජ්‍යේෂ්ඨතම මෙන් ම විශිෂ්ට ක්‍රීඩිකාවක් ලෙස සැලකෙන තර්ජනී සිවලිංගම් අද (17) විවාහ දිවියට එළැඹියා.

වර්ෂ 1978 දෙසැම්බර් මස 30 වැනි දින සිවලිංගම් යාපනය දිස්ත්‍රික්කයේ දී උපත ලැබූ ඇය ලොව පුරා දැල්පන්දු ලෝලීන්ගේ දැඩි ආදරයට පාත්‍ර වූ ක්‍රීඩිකාවක්.

1978 දෙසැමබර් 30 දා යාපනය පළාතේ උපත ලැබූ ඇය හය දෙනෙක් වූ පවුලේ පස්වෙනියායි.

2004 දී සිය නෙට්බෝල් දිවිය ආරම්භ කළ තර්ජනී, මව්බිමට කීර්තිය ගෙන ඒමේ ඒකායන අරමුණින් යුතුව දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව සිය ක්‍රීඩා දිවියේ ඉහළටම කෙමෙන් කෙමෙන් පැමිණියා.

අඩි 6යි අඟල් 11ක් උස හේතුවෙන් මාධ්‍ය වාර්තා බොහොමයක තර්ජිනී හඳුන්වා දී ඇත්තේ ලොව උස ම දැල් පන්දු ක්‍රීඩිකාව ලෙසයි.

ශ්‍රී ලංකාවේ ජාතික බාලිකා නෙට්බෝල් කණ්ඩායම වත්මන් ආසියානු ශූරයන් වන සිංගප්පූරුව 77-48 ලෙස පරාජයකරමින් ලෝකයේම අවදානය හිමිකර ගනිත්දී ආසියාවේ උසම නෙට්බෝල් ක්‍රීඩිකාව වන තාර්ජිනි සිවලිංගම් ජයග්‍රාහී තරඟයේ ලකුණු 77 න් 74 ක් රැස් කරනු ලැබුවා.

එමෙන් ම ඇය තරඟයේ හොඳම වෙඩික්කරුවා බවට පත්වූයේ මුළු ලකුණු 380 ක් ලබා ගනිමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *