තරුෂි කරුණාරත්නට ඔලිම්පික් මීටර් 800 කාන්තා අවසන් පූර්ව තරගයට යන්න තවත් අවස්ථාවක් එයි

ඔලිම්පික් උළෙලේ මීටර් 800 කාන්තා මුලික වටයේ6 වැනි තරගයට සහභාගී වූ ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න එහි අටවැනි ස්ථානය දිනා ගත්තේ ය.

ඒ මිනිත්තු 2යි තත්පර 7යි දශම 7යි 6ක දක්ෂතාවයක් දක්වමින් ය.

තරුෂි එම තරගය සදහා සහභාගී වු ක්‍රීඩිකාවන් අතරින් ළාබාලතම ක්‍රීඩිකාවයි.

ඔලිම්පික් ඉතිහාසයේ පළමු වතාවට පැරිස් ඔපිම්පික් උළෙලේදී තෝරා ගත් ධාවන ඉසව් කිහිපයක මූලික වටයේ තරගවලින් ඉවත් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා අවසන් පූර්ව වටයට පිවිසීමට රෙපර්චාජ් (Repechage) නම් තරග අවස්ථාවක් හිමිව තිබේ.

ඒ අනුව අද පැවැත්වෙන එම තරග වටයේදී ප්‍රදර්ශනය කරන දක්ෂතා අනුව අවසන් පුර්ව වටයට පිවිසීමට තරුෂිට අවස්ථාව හිමි වනු ඇති.

මෙම රෙපර්චාජ් වටය අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2. 45ට ආරම්භ වීමට නියමිතයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *