ඡන්දය ප්‍රකාශ කිරිමට ඡන්ද මධ්‍යස්ථානය වෙත යෑමේදී ආදිවාසී සංස්කෘති අංගයක් වන “පොරව“ රැගෙන යෑමට අවස්ථාව නොදුන්නොත්
ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින බවත්, තම වරිගයේ ඇත්තන් හටද ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලෙස උපදෙස් ලබාදෙන බවට ආදිවාසී නායක වන්නිලා ඇත්තන් පවසනවා.
ආදිවාසී නායකයා මේ බව සඳහන් කර සිටියේ, අද (05) දඹාන කොටබකිණිය ආදිවාසී ගම්මානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්.
ඡන්දය යනු වසර 5කට සැරයක් පැමිණෙන දෙයක් වන බවත්, තම සංස්කෘතිය ඊට වඩා වැදගත් එකක් බවත්, ඡන්දය හේතුවෙන් තම සංස්කෘතිය
හෑල්ලුවට ලක්කිරීමට තමන් කිසිසේත් කටයුතු නොකරන බවත් ආදිවාසී නායකයා එහිදී අවධාරණය කර සිටියා.
මීට ඉහතදී ආදිවාසී ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමට පොරව රැගෙන ඡන්ද මධ්‍යස්ථානයට ගිය අවස්ථාවේ එම ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරි සිදුකළ නිළධාරීන් විසින් එය වළක්වාලීමට කටයුතු කර තිබුණා.
ඒ අනුව මෙවර ද එවන් වූ සිදුවීමක් වාර්තා වීමට පෙර මැතිවරණ කොමසාරිස්තුමන් ඇතුළු නිළධාරීන් ඒ පිළිබඳව දැනුවත් කිරීම තම වගකීම වන බවයි ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් වැඩිදුරටත් සඳහන් කළේ.
(මහියංගණ – රංජිත් කරුණාවීර)