අයහපත් කාලගුණයෙන් සිදු වූ ආපදාව අවම කර ගැනීමට රජයට අවස්ථාව තිබුණු බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරාල පවසනවා.
රජය විසින් වන්දි ලබාදීම හොඳ කටයුත්තක් බවත්, පොරොන්දු වූ ආකාරයෙන්ම ඒවා ලබා දෙනවා ද බැලීම සඳහා රජයට ඒ සඳහා යම් කාලයක් ලබාදිය යුතු බවයි අද (09) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ.
තමාගේ විශ්වාසය අනුව, වත්මන් රජය කී බොරුවලට අනුව පොළොව පැළී ඇති බවයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරාල වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.