පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ වසර 60කට පසුව ප්‍රතිසංස්කරණය කරන බවට රජය සහ ඇතැම් මාධ්‍ය සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත. විශේෂයෙන්ම මාධ්‍යවේදිනී දිල්කා සමන්මලී පෙන්වා දෙන්නේ මෙය වසර 60කට පසු සිදුවන්නක් නොව, මීට පෙරද අවස්ථා කිහිපයකදී විධිමත් ලෙස නඩත්තු වූ ස්ථානයක් බවයි.
බොහෝ දෙනෙකුගේ මතකයට අනුව, කාලයක් ජරාවාස වී තිබූ පිටකොටුව බස් නැවතුම්පොළ 2009 වසරේදී සම්පූර්ණයෙන්ම පිරිසිදු කර, තීන්ත ආලේප කර පිළිවෙළක් ඇති ස්ථානයක් බවට පත් කරන ලදී. එවකට ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ඩලස් අලහප්පෙරුම මහතාය.
ඇත්තටම පිටකොටුව බස් නැවතුම අළුත්වැඩියා වෙන්නෙ වසර 60 කට පසුවද?එතකොට ඔය පහල පින්තූර කොයි කාලෙට අයිති ඒවද?
ඔය 2009 වසරෙ බස්නැවතුම අළුත්වැඩියා කලාට පසුව පෙනුම.
සමහරවිට මේ වතාවෙ මීටත් වඩා නවීන වෙලා ඇති.ඒක හොඳයි.හැබැයි ඇත්ත කිව්ව නම් තවත් හොඳයි.
කාලයක් පිටකොටුව ප්‍රධාන බස් නැවතුම්පළ කිව්වම මතකයට එන්නෙ ජරාවාස උන ගොඩනැගිල්ලක් සහ කසල පිරුණු භූමි ප්‍රදේශයක්.දන්න විස්තර හැටියට 2009වසරේ එම භූමිය පවිත්‍රකරල ගොඩනැගිල්ල අළුත්වැඩියා කරල පිළිවලක් ඇති තැනක් බවට පත්වෙනව.එතකොට නම් ප්‍රවාහන ඇමති ඩලස් අලහප්පෙරුම.
මධුර විතානගෙ මහතාගෙ මැදිහත්වීමෙන් සමාජ සත්කාරයක් ලෙස හැමර් බී ටී එල් සමාගම අනුග්‍රාකයින් සමඟ එක්ව වැඩසටහන ක්‍රියාත්මක කළ අතර රූපවාහිනී සහ ශබ්ද විකාශන අනුග්‍රහය දෙරණ මාධ්‍ය ආයතනය විසින් ලබා දුන් බවයි මගේ මතකය.
ඔව් ඔව් ඔබ හරි දෙරණ තමයි.
කොහොම නමුත් 2009 ඒ විදියට පිළිවෙලක් උන පිටකොටුව බස් නැවතුම්පල දැං ආයෙම පිළිවලක් කරපු එක නම් හොඳයි.අපේ මිනිස්සුන්ට පොදු දේපලක් ලස්සනට පවත්වාගෙන යන්න බැරි මොකක්දෝ ප්‍රශ්නයක් තියනව නෙ.ඉතිං වසර කීපයකට වතාවක් හෝ නඩත්තු වෙන එක වටිනව.
හැබැයි ඒව එහෙම කරද්දි පුරුද්දට වගේ බොරු කියන එක තමා ටිකක් සවුත්තු.සිරසට උනත් තිබ්බා පරණ විස්තරේ ටිකක් හොයල බලන්න.මොකෝ එහෙම කලා කියල ආණ්ඩුව තරහ වෙන එකක් යැ.මේ ආණ්ඩුව හරිම කැමතියි සත්‍යවාදීව වැඩ කරන්න.හරිම ආදර්ශමත්.![]()
ඉතිං මගේ නම් යෝජනාව අමාරු උනත් කොහොම හරි බොරු නොකිය හිටියොත් ආණ්ඩුවට නම්බුයි.ඒ වගේම 2009න් පස්සෙ අළුත්වැඩියා වෙන (60 වසරකට පසු නෙමෙයි ඈ) මේ පොදු ස්තානය පිළිවලට තියාගන්න එකත් වැදගත් වේවි.