ලංකා ඉතිහාසයේ වැඩිම ලොතරැයි ජයග්‍රාහකයාට කෝටි 62ක චෙක්පත පිරිනමයි

සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහි කළ මෙරට දැවැන්තම සුපිරි ජයමල්ල වූ රු.629,855,919.60 ක අති දැවන්ත සුපිරි කෝටිපති ජයමල්ලෙහි ජයග්‍රාහකයා ඇතුළු සුපිරි ජයග්‍රාහකයින්ට හා තවත් විසිපන් ලක්ෂපතියන් ,විසි ලක්ෂපතියන් හා දස ලක්ෂපතියන් 51 දෙනෙක් සඳහා
චෙක්පත් ප්‍රදානය අද(10) සිදු විය.

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සංවර්ධන ලොතරැයි නාමය රන් අකුරින් සටහන් කරමින් මෙරට දැවැන්තම සුපිරි ජයමල්ල වූ රු.629,855,919.60 ක අති දැවන්තම සුපිරි කෝටිපති ජයමල්ලට වාසනාවන්තයෙක් බිහිකරන්නට කප්රුක ලොතරැයියට 2026.02.19 වන දින හැකිවිය.

එම ත්‍යාග මුදලට හිමි චෙක්පත ඇතුළුව, සංවර්ධන ලොතරැයි පත් තුළින් දිවයිනේ එක් එක් දිස්ත්‍රික්ක වලින් බිහි වූ සුපිරි ජයග්‍රාහකයින් ඇතුලු විසි ලක්ෂපතියන් හා දස ලක්ෂපතියන් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීමත්, ලොතරැයිපත් අලෙවි කළ අලෙවි නියෝජිත මහත්ම/ මහත්මීන් සඳහා චෙක්පත් සහ සහතිකපත් ප්‍රදානය කිරීමත් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය, වසන්ත සමරසිංහ මහතා‌ගේ ප්‍රධානත්වයෙන්, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති/ ප්‍රධාන විධායක නිළධාරි නීතිඥ හේමන්ත ස්වර්ණතිලක මහතා, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂක චානක්‍ය ලියනගේ මහතා, ලලිත් ඇතුලත්මුදලි මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලෙහි අධ්‍යක්ෂ ඩී.ආර්.සී. ජයවර්ධන මහතා, ජාතික සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාව මහතා, , සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා , සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) චානක දොඩන්ගොඩගේ මහතා, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) කසුන් ජයසූරිය මහතා, ඇතුළු පිරිසගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

ඒ අනුව සංවර්ධන ලොතරැයිපත් තුළින් දිවයින පුරා විසිරී සිටින ජයග්‍රාහකයින් 51 දෙනෙකු අතර බෙදාදුන් සමස්ත ත්‍යාග මුදලේ වටිනාකම රු. 707,463,606කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *