මෙවර උදාවන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ජනතාවට දැඩි ආර්ථික පීඩනයක් එල්ල වන අවුරුද්දක් යැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ඊයේ (10දා) පැවසීය.
ගෑස් මිල, ඉන්ධන මිල, විදුලි ගාස්තු ඇතුළු සෑම අංශයක මිල වැඩිකර ආණ්ඩුව ජනතාව පිට දැඩි පීඩනයක් එල්ල කර ඇතැයිද ඒ මහතා කීවේය. මේ හරහා ජනතාවගේ ආර්ථිකය බිංදුවට වැටී ඇතැයි ද ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත් ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ජනතාවට සුබවාදී වේවා යැයි ප්‍රාර්ථනා කරන්නේ යැයි ද සඳහන් කළ තිස්ස අත්තනායක මහතා ජනතා සිතුම් පැතුම් යථාර්ථයක් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සමගි ජන බලවේගය සතුව ඇතැයිද පැවසීය.