හාමුදුරුවෝ තරුණියන් 03 දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිහින් – පන්සලෙත් අන්තිමට ඉන්න බැරි වෙයි

රූමත් තරුණ කතුන් තුන්දෙනෙකු සමඟ ගිහි ඇඳුමෙන් විනෝද චාරිකාවක් ගිය අලු‍ත්ගම වැලිපැන්න ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමි නමකට ගම්වාසී දායකයින්ගේ විරෝධය හේතුවෙන් එම විහාරස්ථානය අතහැර යෑමට සිදුව තිබෙනවා.

ගිහි ඇඳුමකින් සැරසී අදාළ කාන්තාවන් සමඟ මෙම හිමිනම කතරගම, ලු‍ණුගම්වෙහෙර – තිස්සමහාරාම ආදී ප්‍රදේශවල විනෝද චාරිකාවක් ගොස් ඇති අතර, එම ප්‍රදේශයේ වෙනත් චාරිකාවක එක්ව සිටි ගම්වාසීන් කිහිපදෙනෙකු එය දැක අදාළ ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බව සඳහන්.

ඒ අනුව චාරිකාව නිම කර විහාරස්ථානයට පැමිණෙන අවස්ථාවේ දායකයන් මෙම හිමිනමට විරෝධය පළ කර ඇති අතර, ඊයේ (29) රාත්‍රියේම උන්වහන්සේ විහාරස්ථානය අතහැර ගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *