ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ ගෞරවාභිධාන සම්මානය තමන් වෙත පිරිනැමීම සම්බන්ධයෙන් තමා ඉතා සතුටට පත්වන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.
මෙම ගෞරව සම්මානය තමන්ට පමණක් පිදූ සම්මානයක් නොවන බවත් ඉන්දියාවේ සිටින බිලියන 1.4ක ජනතාව වෙනුවෙන් පිරී නැමූ සම්මානයක් බවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර අද (05) දහවල් පැවති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මෝදි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මෝදි අග්‍රාමාත්‍යවරයා පැවසුවේ මෙම ගෞරව සම්මානය දෙරට අතර පවතින ගැඹුරු මිත්‍රත්වය සහ ඓතිහාසික සම්බන්ධතාවලට ගරු කිරීමක් බවයි.
ඒ, අනුව මෙම ගෞරව සම්මානය පිරිනැමීම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකට රජයට ස්තූතිවන්ත වන බවත් ඔහු මෙහිදී කියා සිටියා.
ශ්‍රී ලංකා රජයෙන් විදේශීය රාජ්‍ය නායකයෙකුට ලබාදෙන ඉහළම ගෞරව සම්මානය වන ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ ගෞරවාභිධාන සම්මානය අද දිනයේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත පිළිගන්වනු ලැබුවා.