වසරේ මුල් මාස 7 ට දූෂිත රාජ්‍ය නිළධාරීන් 31 ක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

මේ වසරේ ජනවාරි මාසයේ සිට ජූලි දක්වා වු කාලය තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි 2138 ක් ලැබී ඇති බවත්, ඒ අනුව වැටලීම් 44 ක් සිදු කර දූෂිත රාජ්‍ය නිළධාරීන් 31 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. 

අත්අඩංගුවට ගත් පිරිස අතර, විදුහල්පතිවරු, පොලිස් නිළධාරින්, කම්කරු සහ මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරීන් සිටින බව අල්ලස් කොමිසම වාර්තා කරයි. 

නීති විරෝධීව වාහනයක් ලියා පදිංචි කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පසුගිය සතියේ දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිළධාරීන් තිදෙනෙකු- අත්අඩංගුවට ගෙන තිබුණු අතර, අත්අඩංගුවට ගත් පිරිස අතර, සහකාර කොමසාරිස්වරයෙකු, විමර්ශන නිළධාරියෙකු සහ සංවර්ධන සහායකයෙකු  විය. 

මැයි මාසයේ සිදු කළ හදිසි වැටලීමකදී, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ඇතුළු නිළධාරින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් අතර, එම පිරිස විසින් එකී සතිය තුළ අල්ලස් ලෙස ලබාගෙන  තිබුණු එැපියල් ලක්ෂ 41 ක මුදලක් ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිය භාරයට ගන්නා ලදී. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *