වෙළෙඳපොළේ සහල් මිල ඉහළ යමින් තිබෙන බව ත් මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ට ආණ්ඩුව බය බව ත් සමගි ජන බලවේග ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක පැවසීය.
ආණ්ඩුව පාලන මිලක් නියම කළත් එම මිලට සහල් ලබා ගැනීමට නොහැකි බව ඔහු පැවසීය.
සහල් මාෆියාව රට තුළ ක්‍රියාත්මක වන නමුත් මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ට ආණ්ඩුව බය බව පෙන්වා දුන්නේ ය.
වෙළෙඳපොළේ ආහාර හිඟය පියවා ගැනීමට ආණ්ඩුව කටයුතු කළත් ඒ හරහාත් විශාල වංචාවක්, දූෂණයක් සිදුවීමට හැකි බවත් මේ හරහා දේශීය ගොවීන්ට දැවැන්ත අර්බුදයකට මුහුණ දෙන්න සිදු වන බව ඔහු කීවේය.
ආණ්ඩුව වී මිල දී ගන්නට හෝ වැඩපිළිවෙළක් නොමැති බව ත් දේශීය නිෂ්පාදන නිසි මිලට මිලදී ගැනීම ආණ්ඩුව කටයුතු කර නොමැති බව ත් ඔහු කීය.
එසේ ම, ආපදාවෙන් විනාශ වුණ වගාවලට දෙන බව ප්‍රකාශ කළ සහන ලබාදෙන්නවත් ආණ්ඩුව කටයුතු කර නොමැති බව ත් දේශීය ගොවීන් දැඩි අපහසුතාවට පත් වන බව ත් ඔහු වැඩිදුරට ත් පවසා සිටියේය.