තණකොළ ගලවගෙන හරි අපි එනවා කවුරුත් දන්නවා, රාජපක්ෂ පවර් එක – තිස්ස කුට්ටිආරච්චි කියයි


අද පස්වරු 2.00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සම්මේලනය පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරුන් රැසක් සහභාගි වීමට නියමිතව තිබෙන බවයි වාර්තා වේ.

තණකොළ කැවීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පුරා පැතිරී යෑම ගැන බදුල්ල දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි අදහස් පල කර සිටියා,

“අපිට තණකොළ කවන්න? අපිටනම් තණකොළ කවන්න බැරිවෙයි. තණකොළ ගලවගෙන හරි අපි එනවා. ඔය කවුරු කවුරුත් දන්නවා රාජපක්ෂ පවර් එක! ඒකයි ඔය යටට අදින්නයි තණකොළ කවන්නයි වගේ බූරු කතා කියන්නේ? ඔය බොරු තර්ජනවලට බය කවුද අපි ඉන්නවා ජනතාව වෙනුවෙන් හැමදාමත්. මොන මැතිවරණය තිබුණත්, නියත වශයෙන් ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිනනවා. කැට තියලා කියන්නේ. ඒක හොදට මතක තියාගන්න.

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය වෙනස් කළේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ඒ ගැන ආයේ කතා කරන්න දෙයක් නැහැ. රාජපක්ෂලා මේ රටට ඕනතරම් දේවල් කරලා තියනවා. ඒවා සමහර අයට අමතක වුණාට කෙලෙහිගුණ දන්න අයට හොදට මතකයි. ඒ අය හැමදාමත් රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් පෙනී ඉන්නවා. ඔය පාර්ලිමේන්තුවේ බලි කියවන එකෙක් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කරලා තියෙන්නේ මොනවාද? ජනතාව දන්නවා ඇත්තටම රට ගැන හිතන්නේ කවුද කියලා. ඉතින් අපි දිනන එක ස්ථිරයි.!

අපි එක මැතිවරණයකටවත් බය නැහැ. අපි රට බංකොලොත් කළේ නැහැ. අපිට ඕන මේ වැටිච්ච රට ගොඩගන්න. අපි ඒක කොහොමත් කරනවා. මං දන්නවා විදුලි බිල වැඩියි, වතුර බිල වැඩියි, බඩු මිල වැඩියි කියලා. ඒවා ඒකපාරට විසඳන්න බැහැ. අද පැවැත්වෙන සමුළුවටත් මිනිස්සු රොද බැදගෙන එයි. ඒ තරම් තවමත් මහින්ද රාජපක්ෂ මහත්තයට මිනිස්සු ආදරෙයි. අපි ඒ බලෙන් ගෙන්වන මිනිස්සු නෙමෙයි. මහින්ද මහත්තයට තියන ආදරයටයි පක්ෂය ගැන තියන විශ්වාසයටයි ඒ මිනිස්සු එන්නේ. හැමෝටම බලාගන්න පුළුවන් වෙයි අද සමුළුවෙන් අපි ගැන.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *