ෆුඩ් සිටි එකට ගියා මිනිසුන් වට කරගෙන ඇහුවේ එකතුවෙලා එලවමුද කියලා – තිස්ස කුට්ටි ආරච්චි

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චි මහතා විසින් සිය නිල ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

තමන් සුපිරි වෙළඳසැලකට (Food City) ගිය අවස්ථාවක මුහුණ දුන් සිදුවීමක් සම්බන්ධයෙන් ඔහු මෙම සටහන තබා ඇත.

මන්ත්‍රීවරයා පවසන පරිදි, ඔහු එම වෙළඳසැලට ගිය අවස්ථාවේදී එහි සිටි පිරිසක් ඔහු වටකරගෙන විශේෂ ප්‍රශ්නයක් විමසා ඇත. “එකතුවෙලා එලවමුද?” යනුවෙන් එම පිරිස තමන්ගෙන් විමසූ බව ඔහු එම සටහනේ සඳහන් කර තිබේ.

පිරිස විමසූ එම ප්‍රශ්නය සම්බන්ධයෙන් සිය පෞද්ගලික මතය ඉදිරිපත් කරමින් තිස්සකුට්ටිආරච්චි මහතා අවධාරණය කර ඇත්තේ, පවතින වැඩපිළිවෙළට බාධා නොකර එය ඉදිරියට කරගෙන යාමට ඉඩ දිය යුතු බවයි.

“මගේ නම් මතය කරගෙන යන්න දෙමු කියලයි” යනුවෙන් ඔහු සිය ෆේස්බුක් සටහන අවසන් කර ඇත.

Screenshot 2026 01 28 at 9.12.05 AM Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *