තිස්සේ පාසල්වෑන් 29කින් 26ක්ම පරණ කසිකබල් ඒවා – පොලිසියෙන් ධාවනය තහනම් කරයි

තිස්සමහාරාම නගරයට පාසල් දරුවන් ප්‍රවාහනය කරන පාසල් බස්රථ සහ වෑන් රථ අතුරින් ධාවනයට නුසුදුසු පාසල් බස්රථ 23ක් හා වෑන් රථ 3කට තහනම් නියෝග ලබා දුන් බව තිස්සමහරාම පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති කේ.ඩී.ආර් නිසාන්ත මහතා සඳහන් කළේය.

දෙබරවැව ජනාධිපති විද්‍යාලය ඉදිරිපිටදී  සියලු වාහන ගෙන්වා පරීක්ෂාවට ලක් කෙරුණු අතර ඒ සඳහා රථ වාහන පරීක්ෂකවරු ද එක් වූහ.

එම අවස්ථාවේ තිස්සමහරාම නගරයට පාසල් දරුවන් ප්‍රවාහනය කරන රථ වාහන 29කින් 26ක් ම ධාවනයට නුසුදුසු තත්ත්වයක පැවැති බව පොලිසිය කීය.

රථ වාහන පරීක්ෂා කරන අවස්ථාවේ ප්‍රධාන වශයෙන් තිරිංග පද්ධති, ටයර්, සීට්, සංඥා පද්ධති, නිසි පරිදි ක්‍රියාත්මක තත්වයවයේ නොවූ අතර දිරාගිය රථවාහන ද ඒ අතර බූ බව පොලිසිය කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *