නාමල් රාජපක්ෂ සමඟ එකට කෝපි බිවුව ෂෙහාන් සේමසිංහලා චන්ද්රසේනලා පක්ෂය අතහැර ගිය පසු තමාට අනුරාධපුරය භාරදුන් බව පොහොට්ටු අනුරාධපුර සංවිධායක තිස්ස කුට්ටිආරච්චි පවසනවා.
ඒ ඊයේ අනුරාධපුර පෙරමියන්කුලම ප්රදේශයේ දී පාක්ෂිකයින් පිරිසක් හමුවෙමින්.
”එක්කෙනෙක් මම දැක්ක කියනවා මහින්ද රාජපක්ෂගේ නම විකුණන්න නාමල් රාජපක්ෂගේ නම විකුණන්න කාටවත් අයිතියක් නෑ කියලා. ඔව්… ඒ නම විකුණන්න කාටවත් අයිතියක් නෑ තමයි. නාමල් රාජපක්ෂගේ මහින්ද රාජපක්ෂගේ නම විකුණන් ඇති.
පස් පර්මිට් වැලි පර්මිට් ගල් පර්මිට් ගන්න ඇති. නාමල් රාජපක්ෂගේ නම විකුණගෙන වැව් පිටිය අල්ලන්න ඇති.
හොඳට හරි නරකට හරි මුදල් හම්බ කරන්න ඇති. චන්ද්රසේනලා අපට කෙළලා ගියා. නාමල් රාජපක්ෂ එක්ක එකට කෝපි එක බිව්ව ශෙහාන් සේමසිංහ අපට කෙළලා ගියා. හැත්ත බුරුත්තම ගියා. එකෙක් ඉතුරු වුනේ නෑ බේරගන්න.ඒ වෙලාවෙදි තමයි තිස්ස කුට්ටිආරච්චිට මේක බාර දුන්නේ.
මට කියන්න තියෙන්නේ නාමල් ජනාධිපති වුනාම අගමැති වෙන්න ඉන්න කට්ටිය අගමැති සිහිනවල ඉන්න. කැබිනට් ඇමති කම් හිතන් ඉන්න අය කැබිනට් ඇමතිකම් ගන්න. රාජ්ය ඇමතිකම් සභාපතිකම් අර තනතුරු මේ තනතුරු සියල්ල ගන්ඩ. තිස්ස කුට්ටිආරච්චිට නිල තලවලින් වැඩක් නෑ.
නාමල් රාජපක්ෂ 2029 ජනාධිපති කරවීම සඳහා උඹලා ඇතුළෙන් එළියෙන් පිටින් ඕනෑ විදිහකට තිස්ස කුට්ටි ආරච්චි අවලාද කරපල්ලා. නාමල් රාජපක්ෂ ජනාධිපති පුටුවේ ඉන්දවලා මිස තිස්ස කුට්ටිආරච්චිගේ මේ ගේම් එක අතහරින්නේ නෑ කියලා මම කියනවා.
තිස්ස කුට්ටිආරච්චිට එන්න දෙනනේ නෑ කිවුවා අනුරාධපුරේට. ඇයි. තිස්ස කුට්ටිආරච්චි දැන් අනුරාධපුරේ. සුනඛයා බිරුවට කන්ද පාත් වෙන්නේ නෑ.”යැයි පොහොට්ටු අනුරාධපුර සංවිධායකවරයා පවසනවා.