පාස්කු ප්‍රහාරය,රාජ්‍ය මුදල් අවභාවිතය සහ පැහැර ගැනීමකට හිටපු ජනාධිපතිවරු තිදෙනෙකුට නඩු

පසුගිය ආණ්ඩු සමයන්හි සිදුවූ සිදුවීම් තුනකට අදාළව හිටපු ජනපතිවරුන් තිදෙනකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ ක්‍රියා කරමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. ඔවුනට චෝදනා ගොනු කිරීමට පෙර පොලිසියට කැඳවා ප්‍රකාශ ලබාගැනීව දැනටමත් ආරම්භ කර ඇත.

එහි එක් පියවරක් ලෙස හිටපු ජනාධිපති රනිල් චිත්‍රවසිංහ මහතා අගෝස්තු 22 සිකුරාදා අත්අඩංගුවට ගත්තේය. අප වෙත වාර්තා වන ආකාරයට එම ජනාධිපතිවරුන් තිදෙනාට එල්ල වී ඇති චෝදනා වන්නේ රාජ්‍ය මුදල් අවභාවිතය, පාස්තු ප්‍රහාර සිදුවීම සහ පුද්ගල පැහැර ගැනීමත් සම්බන්ධයෙන් වන චෝදනාය.

ආරක්ෂක අංශ එල්ල කරන මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති හිටපු ජනපතිවරුන් ඊට එරෙහිව අධිකරණ ක්‍රියා වර්ග ගැනීමට ක්‍රියා කරමින් සිටින බවද නීති අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉරිදා දේශය පුවත්පත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *