ගිලන් භීක්ෂූන් වැඩ සිටින විහාරයේ විදුලිය කපයි – භික්ෂූහු තෙනමක් අපවත් වෙයි

ගිලන් වූ භික්ෂූන් 68 දෙනකු වැඩ වාසය කරන හංවැල්ල කලුඅග්ගල ගිරා ඉඹුල ප්‍රදේශයේ පිහිටි භික්ෂු මධ්‍යස්ථානයක එක් ලක්ෂ හැත්තෑ ⁣හත්දහසකට ආසන්න විදුලු බිලක් නොගෙවීම් නිසාවෙන් විදුලිය විසන්ධි කිරීම නිසා තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි එම මධ්‍යස්ථානයේ අනුශාසක මෝදරවානේ අමිල සිරි හිමියන් පැවසූහ.

මාස තුනක විදුලි බිලක් එකතුවීම නිසා මෙලෙස විශාල මුදලක් විදුලි බිල්පතට එකතු වී ඇති බවත් පසුගිය කාළයේ දායකයන්ට තිබූ ආර්ථික දුෂ්කරතා නිසාවෙන් මෙම ස්ථානයට දානමාන සහ මූල්‍යාධාර නොලැබුණු බැවින් මෙම තත්වය උදා වූ බවද උන් වහන්සේ පැවසූහ.

ඇස් නොපෙනෙන බිහිරි විවිධ රෝගාබාධයන්ට ගොදුරු වී ඇති සරණක් නොමැති රෝහල්වලින් ගෙනැවිත් බාරදෙන වයෝවෘද්ධ භික්ෂූන් මෙම ස්ථානයේ වැඩ වාසය කරන බවත් දින 14 කට වැඩි කාළයක් විදුලිය විසන්ධිව පවතින බවත් මධ්‍යස්ථානයේ තිබූ සූර්ය ජනන පද්ධතියටද තාක්ෂණික දෝෂයක් සිදු වී තිබීම නිසා මෙම ගැටළුකාරී තත්වය ඉහල ගොස් ඇති බව උන්වහන්සේ පැවසූහ.

මෙම ස්ථානය මුදල් උත්පාදනය කරන ස්ථානයක් නොවන නිසාවෙන් විශාල අපහසුතාවයකට පත්වීමට සිදුව ඇති බවද අමිලසිරි හිමියෝ පවසති.

ො විදුලි විසන්ධිය සිදුකෙරූ දිනය සිට මේ දක්වා භික්ෂූන් තිදෙනෙකු අපවත් වී අවමංගල්‍ය කටයුතු පවත්වා ඇත්තේ ද කලුවරේ දැඩි අපහසුතා මධ්‍යයේ බවත් විදුලිය විසන්ධි කිරීම නිසාවෙන් මෙම ගිලන් භික්ෂු මධ්‍යස්ථානය වෙත ජලයවත් ලබා ගැනීමට නොහැකි තත්වයක් උදාවෙන බැවින් විදුලිය විසන්ධි කිරීමට පැමිණි නිළධාරීන් වෙත කොතෙක් ඒ පිළිබදව පැහැදිලි කිරීමක් කලද විදුලිය විසන්ධි කර දමා යන්නට ගිය බවද උන් වහන්සේ පැවසූහ.

image GpXps6T m transformed Iri News
image cGGvkezag transformed Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *