ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සීන් වැඩි කරගන්න ආණ්ඩුව ගත් තීරණයෙන් දරුවන්ට පිළිකා අවදානම ඉහළට

ඇල්ෆටොක්සින් නමැති පිළිකා කාරකය තිබිය හැකි උපරිම සීමාව දෙගුණයකින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කිරීම නිසා ත්‍රිපෝෂ පාරිභෝජනය කරන ළදරුවන් සහ මව්වරුන් පිළිකාවලට ගොදුරු වීමේ අවදානම ඉහළ යන බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවසීය.

ඇල්ෆටොක්සින් පිළිකා කාරකය බී1 බී2 ජී1 සහ ජී2 ලෙස වර්ග කර ඇති අතර බී1 තිබිය හැකි උපරිම 2%ක් ලෙසත් බී1 බී2 ජී1 සහ ජී2 යන ප්‍රභේද සියල්ලේ තිබිය හැකි උපරිම සීමාව 4% ක් ලෙසත් යුරෝපා සංගමය විසින් තීරණය කර ඇති නමුත් කැබිනට් මණ්ඩලය විසින් බී1 තිබිය හැකි සීමාව 5% දක්වාත් එම ප්‍රභේද 4රේම තිබිය හැකි සීමාව 10% දක්වාත් ඉහළ දමා ඇති නිසා ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා ඇල්ෆටොක්සින් අඩංගු බඩඉරිඟු ඇතුළු ඕනෑම අමුද්‍රව්‍යයක් ආනයනය කිරීමේ අවස්ථාව ජාවාරම්කාර ආනයනකරුවන්ට උදාවී ඇති බවත් වසන්ත බණ්ඩාර මහතා පැවසීය.

ළදරුවන්ගේ සහ මව්වරුන්ගේ සෞඛ්‍යයට අදාළ තීරණ ගැනීමේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෛද්‍ය සංගම් සහ විද්වත් සංගම්වලින් විමසීය යුතු වුවත් එබදු කිසිදු ක්‍රියාමාර්ගයකින් තොරව කැබිනට් මණ්ඩලය විසින් මෙම වැරදි තීරණය ගෙන ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *