- Oxford සරසවිය සොයා ගැනීම පිළි අරන්… ඇමරිකාවේ ව්‍යාධිවේදීන්ගේ සංගමය පරික්ෂණය ප්‍රකාශයට පත් කරලා… තව තියෙන්නේ පේටන්ට් අයිතිය ලබා ගැනීම පමණයි…
රෝගියෙක් වෛද්‍යවරයෙක් වෙත ප්‍රතිකාර ලබා ගැනීමට ගිය පසුව එම පුද්ගලයාට පිළිකා රෝග ලක්ෂණයක් ඇතිදැයි සැක හැර තහවුරු කරගැනීම සඳහා පරීක්ෂණ ගණනාවකට රෝගියා යොමු කරන්නට වෛද්‍යවරයාට සිදුවේ.
මෙම පරික්ෂණ කර ප්‍රතිඵල දැන ගැනීම සඳහා රෝගියාට මාස ගණනාවක්ම බලා සිටීමට සිදුවේ. එවන් විටක රෝගය උඩුදුවා අවසන් වීමට තිබෙන ඉඩ කඩ වැඩිය.
එහෙත් කිසියම් පිළිකාමය තත්ත්වයක් එක් රුධිර පරික්ෂාවක් සනාථ කර ගත හැකි නම් එය වෛද්‍ය විද්‍යාවේ නව පෙරළියකි. බොහෝ පිළිකා රෝගී තත්ත්වයන් මුල් අවස්ථාවේ දී හඳුනා ගත හැකිනම් එම රෝගී තත්ත්ව මාරාන්තික නොවේ. අවශ්‍ය වන්නේ කල්තියා කරන රෝග විනිශ්ඡය ය.
ඒ කඩඉම තරණය කළ විශිෂ්ඨ විද්‍යාත්මක ප්‍රවේශයකට අපේ විද්වත් පර්යේෂක පිරිසක් සම්බන්ධව මේ සටහන තබන්නේ මහත් වූ ආනන්දයෙනි. උගුරේ නැතහොක් ස්වාරාලය ආශ්‍රිතව ඇතිවන පිළිකාවක් රුධිර පරික්ෂාවකින් සනාථ කර ගත හැකි පරික්ෂණ ක්‍රමයක් සොයා ගැනීමට අපේ විශේෂඥයින් කීපදෙනෙකු සමත් වී ඇත.
මේ විශිෂ්ට සොයා ගැනීමට ලොකට හඳුන්වා දී ඇත්තේ වතුපිටිවල මූලික රෝහලේ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රිස්නි ශකාෆ් සහ කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායනික අනුක ජීව විද්‍යාව සහ ජෛව තාක්ෂණ අංශයේ මහාචාර්ය සමීර ආර් සමරකෝන්, ආචාර්ය උමා ප්‍රියදර්ශනී රාජගෝපාලන් නැමැති විද්‍යඥයින් ප්‍රමුඛ කණ්ඩායම විසිනි.
වෛද්‍ය විද්‍යාවේ තිරණාත්මක ඉදිරි ගමනක් සලකුණු කළ මෙම නව සොයා ගැනීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය රිස්නි ශකාෆ් විස්තර කළේ මෙසේය,
“කිසියම් පුද්ගලයෙකුගේ උගුරේ පිළිකාවක් තියෙන බව හදුනා ගන්න සෑහෙන් කාලයක් ගතවෙනවා. උගුරේ යම් අසාමාන්‍ය තත්ත්වක් පෙන්නුම් කරන බව රෝගියෙක් පැමිණ අපට කිව්වොත් අපි මුලින්ම කරන්නේ එන්ඩස්කොපි පිරික්ෂණයක් ලක් කිරිමක්. එතනදී කුඩා කැමරාවක් උගුර ආශ්‍රිත ප්‍ර දේශයට දාල අපි බලනවා උගුරේ යම් අසාමාන්‍ය තත්ත්වක් පෙන්නුම් කරනවාද කියලා. එහිදි යම් අසාමාන්‍ය තත්ත්වයක් පෙන්නුම් කලොත් අපි එතැනින් කුඩා පටක කොටසක් ලබා ගන්නවා. එයට අපි කියන්නේ බයොප්සි පරික්ෂණයක් කියලා. මේ පරික්ෂණය සැක සහිත නම් ඒ කියන්නේ පිළිකාවක් තිබෙන බවට කිසියම් සැක සහිත යමක් තියෙනවා නම් රෝගියාව නැවත සී.ටී. ස්කෑන් පරික්ෂාවකට යොමු කරනවා. මෙම පියවර තුනෙන් පසුව තමයි අපි තීරණයක කරන්නේ රෝගියාට පිළිකාවක් සෑදීගෙන එනවාද නැද්ද කියලා .”
“කොහොම නමුත් මෙම පරික්ෂණ තුනම රජයේ රෝහලකින් කරනවා නම් සැලකිය යුතු කාලයක් ගතවෙනවා. මෙය අවදානම් කාලයක්. “ විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය.
රෝග විනිශ්ඡය සඳහා දීර්ඝ කාලයක් ගතවිම මගහරවාගෙන එක් රුධිර පරික්ෂාවකින් රෝගියෙකුට පිළිකාවක් වැලදී තිබෙන්නේද නැතහොත් ඔහුගේ ශරීරයේ පිලිකා සෛල වර්ධනය වෙමින් පවතින්නේද යන්න පිලිබදව දැන ගත හැකි ක්‍රම ලෝකයේ වේ. එසේ හඳුනා ගත හැකි පිළිකා වර්ග කිපයක් පිළිබඳ වෛද්‍ය විද්‍යානුකූල සොයා ගැනිම් ඇත. එහෙත් මෙතෙක් කලක් රුධිර පරීක්ෂාවකින් උගුරේ පිලිකාවක් පිලිබඳසොයාගෙන තිබුණේ නැත. ඒ සොයා ගැනීම කරන්නේ අපේ රටේ විශේෂඥයින් තුන්දෙනෙකි. විශේෂඥ වෛද්‍ය රිස්නි ෂකාෆ් මේ කියන්නේ ඒ කතාවය.
“ මෙම රුධිර පරික්ෂාව හදුන්වන්නේ Autoantibody tumor marker යනුවෙන්. ඒ කියන්නේ උගුරේ පිළිකාවලට විරුද්ධව එන ප්‍රතිදේහ ජනක අපිට හොයා ගන්න පුලුවන් වුණා. පිලිකාවලට විරුද්ධව එන ප්‍රතිදේහ පිලිකා සෛල තියෙන රෝගීන්ගේ වැඩියි. ඒ ප්‍රමාණය සියයට 80 – 90 වගේ. අනිත් රෝගීන්ගේ එහෙම නැහැ. මෙම පරික්ෂණය කළාට පසුව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය ( University of Oxford ) මේක පිළිගත්තා.
තව ඇමරිකාවේ ව්‍යාධිවේදීන්ගේ සංගමය මෙම පරික්ෂණය ප්‍රකාශයට පත්කළා. අපි මේ පරික්ෂණයේ දැන් සිටින්නේ අවසාන අදියරේ. ඒ කියන්නේ පේටන් අයිතිය ලබා ගැනීම පමණයි. ඉන් අනතුරුව මෙම Autoantibody පරික්ෂණය ලොව පුරා මුදා හැරීමට අපට පුලුවන්“ විශේෂඥ වෛද්‍යවරයා කිවේය.