තුල්හිරිය ප්‍රදේශයේ පිහිටි මාස් හෝල්ඩිංග් (MAS Holdings) සමාගමට අයත් “මෙත්ලිය” කර්මාන්ත ශාලාවේ සේවකයන් කිසිවෙකුටත් සිය රැකියා අහිමි වීමේ අවදානමක් නොමැති බව රජය අවධාරණය කරයි.
අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති මංගල විජේසිංහ මහතා සඳහන් කරන්නේ, ආයතනය තුළ සිදු කිරීමට නියමිත ව්‍යුහාත්මක වෙනස්කම් හමුවේ සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කරන බවට අදාළ සමාගම පොරොන්දු වී ඇති බවයි.