ජනාධිපතිට හොරෙන් ජනාධිපති සමාව දීමේ සිදුවීමට බන්ධනාගාර කොමසාරිස් රිමාන්ඩ් කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබූ, වැඩ තහනමට ලක් වූ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ජනාධිපති සමාව යටතේ නීති විරෝධී ලෙස සිරකරුවෙකු නිදහස් කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *