තුසිත හල්ඔලුවට වෙඩි ප්‍රහාරයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ තුසිත හල්ලොලුව මහතාට සහ ඔහුගේ නීතීඥවරයා වන දිනේෂ් දොඩංගොඩ මහතාට මීට මඳ වේලාවකට පෙර වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

ඔවුන් දෙදෙනා ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතාගේ නිල මැදිරියේ සිට ආපසු එමින් සිටියදී නාරාහේන්පිට දාබරේ මාවතේදී ඔවුන්ගේ වාහනයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව සඳහන්. කෙසේවෙතත් ඔවුන්ට වෙඩිතැබූ ගිනිඅවිය හිරවී ඇති අතර එහිදී ඔවුන් දෙදෙනා වාහනයේ දොරවල් ඇරගෙන පිටතට පැන දිවගොස් ඇති බවත් වෙඩික්කරුවන් එම වාහනයේ තිබුණු ලිපිගොනු වගයක් පැහැරගෙන පළාගොස් ඇති බවත් සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *