ටිකට් නැතුව කෝච්චියේ ගිය 40ක් බම්බ­ල­පි­ටි­යේදී මාට්ටු – 91200ක දඩ එත­න­දීම අය­කර ගනියි

බම්බ­ල­පි­ටිය දුම්රිය ස්ථානයේ ඊයේ (29) පෙර­ව­රුවේ පැය තුනක කාල­යක් තුළ සිදු කළ ප්‍රවේ­ශ­පත්‍ර පරී­ක්ෂා­වක දී කිසිදු ප්‍රවේ­ශ­ප­ත්‍ර­යක් නොමැ­තිව දුම්රියේ ගමන් කළ මගීන් 40 දෙනකු අත්අ­ඩං­ගු­වට ගත් බව දුම්රිය ආර­ක්ෂක අංශය සඳ­හන් කළේය.

මෙසේ අත්අ­ඩං­ගු­වට ගත් මඟීන් අතර කාන්තා­වන් 23 දෙනෙක් සිට ඇත.

මෙම පරී­ක්ෂාව දුටු ඇතැම් මගීන් දුම්රිය නතර කිරී­ම­ටත් පෙර දුම්රි­යෙන් බැස පැන දිවූ බව දුම්රිය ආර­ක්ෂක අංශයේ නිල­ධා­රි­යෙක් සඳ­හන් කළේය.

ඊයේ පෙර­වරු 6.00 සිට 9.00 දක්වා පැය තුනක කාල­යක් මෙම ප්‍රවේ­ශ­පත්‍ර පරී­ක්ෂාව සිදු­කොට ඇත.

මෙහිදී අත්අ­ඩං­ගු­වට ගත් මගී­න්ගෙන් 30 දෙන­කු­ගෙන් ඒ මොහො­තේම රුපි­යල් 91200/දඩ මුද­ලක් අය­කර ගැනී­මට දුම්රිය ආර­ක්ෂක නිල­ධා­රීන් සමත්වී ඇත.

සෙසු මගීන් ඒ මොහොතේ දඩ මුදල් ගෙවී­මට මුදල් නොමැති බැවින් ඇප­කර තබා ගොස් තිබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *