ජනාධිපතිවරයා පොරොන්දු වූ සහන ඒ ආකාරයෙන්ම ලබා දෙනවා – ජවිපෙ ලේකම් ටිල්වින් කියයි

විපතට පත් ජනතාව වෙනුවෙන් ජනාධිපතිවරයා පොරොන්දු වූ සහන ඒ ආකාරයෙන්ම ලබාදීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

ඒ අලුත්ගම ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්

ටිල්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් දිට්වා සුළිකුණාටුව හේතුවෙන් විපතට පත් වූන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමේ හා මිය ගිය අයට පිං පැමිණවීමේ වැඩසටහනක් අලුත්ගම කන්දේවිහාරයේදී ඊයේ පැවැත්වුණා.

විපතට පත්වූවන්ට සෙත් පැතීමේ සහ මිය ගිය අයට පිං පැමිණවීමේ මෙම පිංකම පැවැත්වුණේ කන්දේ විහාරාධිපති බෙන්තර වලල්ලාවිට කෝරලයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොක්කාවිට විපුලසාර ස්වාමීන්වහන්සේගේ අනුශාසකත්වයෙන්.

මීට අමතරව ප්‍රදේශයේ විහාරස්ථානවල ස්වාමීන්වහසේ බොහෝ පිරිසක් ද මේ අවස්ථාවට වැඩමකර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *