පොලිස් ඇමති ටිරාන් දේශබන්දුම ඕනෑ කියයි – දේශබන්දුට ජනපති කැමති නොවෙයි

ජනාධිපතිවරයා විසින් සී.ඩී. වික්‍රමරත්නට ලබා දුන් සේවා දිගුව, ඊයේ රැස් වූ අවස්ථාවේ දී ද, ව්‍යවස්ථා දායක සභාවේ බහුතරය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

මීළග පොලිස්පති කවුරු විය යුතුද යන්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ පොලිසිය භාර අමාත්‍යවරයා අතර පවතින පරස්පර අදහස් හේතුවෙන් මාර්තු මාසයේ සිට රටට ස්ථාවර පොලිස්පතිවරයෙකු නැත.

පොලිසිය භාර අමාත්‍යවරයා වන ටිරාන් අලස්, පොලිස්පති ධූරය, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ලබා දිය යුතුය යන දැඩි ස්ථාවරයේ සිටියි. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොලිස් පති දූරය දේශබන්දු තෙන්නකෝන්ට ලබා දීමට විරුද්ධය.

මේ තත්ත්වය මත පසුගිය නොවැම්බර් තුන්වන දා සිට බලපැවැත්වෙන ලෙස තවත් සේවා දිගුවක්, සී.ඩී. වික්‍රමරත්න මහතාට ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කළේ ය.

කෙසේ වෙතත්, ඒ සදහා අනුමැතිය ලබා දීම, ඊයේ රැස්වූ ව්‍යවස්ථායක සභාවේ බහුතර සාමාජිකයන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

සිවිල් සමාජය නියෝජනය කරමින් ව්‍යවස්ථාදායක සභාවට සහභාගීවන නියෝජිතයන් තිදෙනාම, සී.ඩී. වික්‍රමරත්න මහතාට සේවා දිගුවක් ලබා දීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව, අවසන් තීන්දුවකට පැමිණීම සදහා ව්‍යවස්ථාදායක සභාව අද දිනයේ දී ද රැස්වීමට නියමිත බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *