නිතරම ඉන්දියාවේ යන්න බැරි නිසා මෙරට බැතිමතුන් වෙනුවෙන් තිරුපති කෝවිලේ ශාඛාවක් ලංකාවටත් එයි

ඉන්දියාවේ සුප්‍රකට තිරුපති කෝවිලේ ශාඛාවක් මෙරට ඉදිකිරීම ගැන සොයා බැලීමට තිරුපති දේවාලයේ ප්‍රධාන විධායක නිලධාරී ධර්ම රෙඩ්ඩි මහතා පසුගිය සිකුරාදා (29දා) මෙරටට පැමිණීමට නියමිතව තිබිණි.

ඉන්දියාවේ වෙන්කටේෂ්වර සාමි කෝවිල් පද්ධතියට අයත් තිරුපති කෝවිලේ ශාඛාවක් ශ්‍රී ලංකාවේද පිහිටුවන මෙන් තිරුපති බැතිමතුන් විශාල පිරිසක් ඉන්දියාවේ තිරුපති කෝවිල් භාරයෙන් ඉල්ලීම් කර තිබිණි.

දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයට අයත් කඳුකර නගරයක් වන තිරුමාලාවේ තිරුපති කෝවිල පිහිටා ඇත. වසරකට කෝටි සංඛ්‍යාත බැතිමතුන් තිරුපති වන්දනාව සඳහා එහි පැමිණෙති.පසුගියදා ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයෙහි නිල සංචාරයක යෙදුණු නැගෙනහිර ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතා විසින් ආන්ද්‍රා ප්‍රදේශ් මහ ඇමැති ජගත් මෝහන් රෙඩ්ඩි හමුවූ අවස්ථාවේ මෙරට තිරුපති කෝවිලක් ඉදිකරන ලෙස ඉල්ලීමක්ද කර තිබිණි.

One thought on “නිතරම ඉන්දියාවේ යන්න බැරි නිසා මෙරට බැතිමතුන් වෙනුවෙන් තිරුපති කෝවිලේ ශාඛාවක් ලංකාවටත් එයි

  1. අපිට ඒ ක විතරයි අඩු වට තිබුනේ..කතරගම වැහෙන කොට එ අඩුව පුරවන්න පුලූවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *