අද රස්නේ ගොඩක්ම වැඩි වෙයි

– වතුර බොන්න
– සේවණේ ඉන්න
– වෙහෙසීමෙන් වළකින්න

පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක හතරකට අද (23) සැලකිය යුතු උණුසුම් තත්ත්වයක් ඇති වන බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට අනතුරු අඟවයි.

වයඹ, උතුරු මැද පළාත්වලත් ගම්පහ, කොළඹ, හම්බන්තොට, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අද දිනයේ සැලකිය යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ජලය ප්‍රමාණවත් ලෙස පානය කිරීම, හැකි පමණ විවේක ගනිමින් සෙවණ ඇති ස්ථානවල සිටීම, වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳ වැඩි අවධානය යොමු කිරීම, විශේෂයෙන් කුඩා ළමයින් වාහන තුළ තනියම රඳවා නොයෑම, අධික වෙහෙසකාරී කටයුතු සීමා කිරීම, සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතය ආදි උපක්‍රම මෙම උණුසුම් කාලගුණ තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා අනුගමනය කරන ලෙස ද කාලගුණ දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා පෙර සූදානම් සහ ප්‍රතිචාර දැක්වීමේ ඒකකය මඟින් මේ පිළිබඳ නිකුත් කරන නිවේදන පිළිබඳ අවධානය යොමු කරන ලෙසද වැඩි විස්තර සඳහා 011-7446491 දුරකතන අංකය අමතන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අවවාදාත්මක නිවේදනයේ සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *