සංචාරකයින්ගේ පැමිණීම සියයට සියයකින් ඉහළට

ගෙවීගිය ජනවාරි මාසය ඉකුත්වීමේදී මෙරටට පැමිණි සංචාරකයින් ගිය වසරට සාපේක්ෂව සියයට සියයක පමණ වර්ධනයක් සිදු වි ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කරන වාර්තාවේ දැක්වේ.

පසුගිය වසර තුළ ජනවාරි මාසයේ සංචාරකයින් 102,545 ක් මෙරටට පැමිණි ඇති අතර එය මේ වසර තුළ 208,253 ක් දක්වා ඉහළ ගොස් ඇත‍. 

මෙය ගිය වසරට සාපේක්ෂව එය සියයට 103.1 ක වර්ධනයක් බව එහි වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් ඉන්දියාවෙන් වාර්තා වන අතර සංඛ්‍යාව 34,399 ක්ද සියයට 16 ක ප්‍රතිශතයක් ලෙසද දැක්වේ .

සංචාරකයින් පැමිණි රටවල් අතර රුසියාව සහ එක්සත් රාජධානිය පිළිවෙළින් දෙවන සහ තුන්වන ස්ථාන වල පසු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *